මේ වෙබ් අඩවිය එක්තරා ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි සේවයක් අවශ්‍ය පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක් වගේ දෙයක්. සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය Microworkers හරහා ප්‍රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින් ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා, ඔහු නිවැරදිව අවශ්‍ය දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම කරනවා. ඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ. විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්.
මුලින්ම පහළ ලිංක් එකෙන් ගිහින් Microworkers අඩවියේ ලියාපදිංචි වෙන්න.
එතකොට පහල පිටුව විවෘත්ත වෙනව.
මේක පුරවල Submit කලාම ඔයාල දීපු ඊමේල් එකට verification link එකක් ඒවි. ඒකෙන් ඔයාලගෙ ගිණුම වලංගු කරගන්න.
ඊට පස්සෙ ඔයාලගේ විස්තර සම්පූර්ණ කරන්න පිටුවක් විවෘත්ත වේවි. ඒකත් නිවැරදිවම සම්පූර්ණ කරන්න. විශේෂයෙන්ම ලිපිනය, මොකද මේකෙන් අපි උපයන මුදල අපේ Account එකට හුවමාරු කරද්දි ඒකට PIN අංකයක් අවශ්‍ය වෙනව. ඒක එවන්නේ අපේ ඊමේල් ලිපිනයට නෙවෙයි. ගෙදර ලිපිනයට. ඒ වගේම අපිට ඒ විස්තර පසුව වෙනස් කරන්නත් බෑ. ඒක නිසා හොඳ කල්පනාවෙන් නිවැරදිවම විස්තර ලබා දෙන්න.
ඔයාල සයිට් එකට ලොග් උනාම මේ වගේ පිටුවක් පෙන්නනව.
ඒකෙ Jobs ටැබ් එකෙන් දැනට ඔයාලට කරන්න තියන ජොබ් පෙන්නනව. Tasks I finished ටැබ් එකෙන් දැනට ඔයාල කරපු ජොබ් වල විස්තර බලාගන්න පුළුවන්.
දැන් අපි බලමු කොහොමද ජොබ් එකක් කරනනේ කියල. ලිස්ට් එකේ තියන Job name උඩ ක්ලික් කලාම පහල වගේ විනඩෝ එකක් විවෘත්ත වෙනව.
ඒකෙ විස්තර ටික කියවල බලන්නකෝ. මේ ජොබ් එක කලාමනම් අපිට $0.10ක් ලැබෙනව. ඒ ගණන කරන්න තියන ජොබ් එක අනුව වෙනස් වෙනව.
What is expected from Workers? තැනින් විස්තර කරන්නේ අපිට කරන්න තියන වැඩ විස්තරයි. මේකනම් පොඩිම එකක් නිසා ලොකු විස්තරයක් නෑ.
Required proof that task was finished? මෙතනින් ඉල්ලනනේ අපි ජොබ් එක කලබවට තහව්රු කරගන්න සාක්ෂියක්. මෙතන නම් ඉල්ලනනේ අපේ ෆේස්බුක් යූසර් නේම් එක.
ජොබ් එක බාරගන්න කලින් අනිවාර්යෙන්ම මේ විස්තර දෙතුන පාරක් කියවල බලන්න. කරන්න පුළුවන් කියල හිතෙනවනම්ම විතරක් බාරගන්න. බැරි වැඩ බාරගෙන කරන්න බැරි උනොත් ගිණුම අවලංගු වෙනව.
කරන්න පුළුවන් කියල හිතෙනවනම් විතරක් I accept this job(a form will open below) ක්ලික් කරන්න. එතකොට පහල වින්ඩොව පෙනෙයි.
ඔයාල ජොබ් එක කලානම් ඒකෙ ඉල්ලපු සාක්ෂිය මෙතන ටයිප් කරල I confirm that I have completed this task ක්ලික් කරන්න. ඔයාල කරන ජොබ් එකක් නිවැරදිද බලල ඒකට ගෙවීම් කරන්න පැය 1 සිට දින 7ක් දක්වා කාලයක් යනව. ගිණුමෙ මුදල $ 9.75 උනාම අපිට සල්ලි ගන්න පුළුවන්.
----------
ප්‍රශ්න තියෙනවා Comment නම් කරන්න. මම Reply කරන්නම්..

මේකේ අපි වැඩක් කරොත් අනිවරෙන්ම සල්ලි දෙනවද ?
ReplyDelete